මානව හිමිකම් හා අවිහිංසාවාදී සංනිවේදනය පිළිබඳ ධාරිතාවය වැඩි දියුණු කිරීමේ පුහුණු වැඩමුළුවක් කොළඹදී
- Details
- Created on 17 September 2012
ජාතික සාම මණ්ඩලය මගින් යුරෝපානු සංගමයේ මූල්‍ය ආධාර සහිතව ක‍්‍රියාත්මක කරන සාමය සඳහා හවුල්කාරිත්වය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් සඳහා විවිධ මට්ටම්වල සිවිල් සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම ව්‍යාපෘතිය යටතේ, එම ව්‍යාපෘතියට සම්බන්ධ හවුල්කාර සංවිධානයන්හි ධාරිතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් මානව හිමිකම් හා අවිහිංසාවාදී සංනිවේදනය යන මාතෘකා යටතේ පුහුණු වැඩමුළුවක් අගෝස්තු මස 27, 28, 29 සහ 30 වන දිනයන්හිදී කොළඹ සාමයික ආයතනයේදී සිංහල සහ දමිළ මාධ්‍යයන්ගෙන් පැවැත්විණි.
මෙම වැඩමුළුව සඳහා Center for women development (CWD) සාමය සහ සංහිඳියාව සඳහා වූ සම්පත් මධ්‍යස්ථානය Resources for Peace and Reconciliation (RPR),වන්නි සංස්කෘතික පදනම Vanni Cultural Foundation (VCF), True Vision Rural Rehabilitation Organisation (TVRRO), ආබාධිතවූවන්ගේ සුබසාධනය, අයිතීන් සුරැුකීම පිළිබඳ වූ සංවිධානයOrganisation for the welfare, Counseling and upholding of rights of the disabled (OWCURD), අවිහිංසාවාදී සංනිවේදනය සඳහා වූ පුහුණු මධ්‍යස්ථානය Centre for Communication Training (CCT), රුහුණු ගැමි කාන්තා සංවිධානය Ruhunu Rural Women's Organisation සීඩෝ ශ‍්‍රී ලංකා Social Economic and Environment Development Organisation (SEEDO) යන සංවිධානයන්හි නිලධාරීන් 46 දෙනෙක් මේ සඳහා සහභාගී වූහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් විසින් මානව හිමිකම් වැඩමුලූව සඳහා සම්පත් දායකත්වය සැපයු අතර අවිහිංසාවාදී සන්නිවේදනය සඳහා වූ පුහුණු මධ්‍යස්ථානයේ දේශකවරුන් විසින් අවිහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ පුහුණු වැඩමුලූව මෙහෙය වූහ.
මානව අයිතිවාසිකම් යනු කුමක්ද, මානව හිමිකම් සම්මුති සහ ජාත්‍යන්තර බැඳීම්, කාන්තා අයිතිවාසිකම් සහ ළමා අයිතිවාසිකම් යන කරුණු මානව හිමිකම් පිළිබඳ වැඩමුලූවේදී අවධාරණය කළේය.
ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සන්නිවේදනයේ ආකෘති වන නිරීක්‍ෂණය, හැඟීම්, අවශ්‍යතාවය සහ ඉල්ලීම යන කරුණු මෙන්ම මෙම ආකෘති ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විවිධ ක‍්‍රියාකාරකම් ඔස්සේ අවිහිංසාවාදී සංනිවේදනය පිළිබඳ පුහුණු වැඩමුලූවේදී අවධාරණය කළේය.
මානව අයිතිවාසිකම් කඩවීමකදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව සහ එ් වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලබා ගත් දැනුම තම වෘත්තීය හා පුද්ගලික කටයුතු වලදී වැඩි වැදගත්කමක් ඇති බව සහභාගිකයන්ගේ අදහස විය.
යමකු විසින් කරනා ලද ප‍්‍රකාශයක්, එසේ ප‍්‍රකාශ කිරීමට එකී පුද්ගලයා තුළ ඇති අවශ්‍යතාවය හෝ ඉල්ලීම කාරුණිකව සහ සහකම්පනයෙන් යුක්තව ඇහුන්කන් දීම මගින් ප‍්‍රචණ්ඩකාරී හෝ ගැටුම්කාරී තත්ත්වයන් මග හැරීමට හැකි වන අතර එ් තුළින් හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට පිටුවහලක් ලැබෙන බව අවබෝධ කර ගැනීමට අවිහිංසාවාදී සංනිවේදනය පිළිබඳ පුහුණුව තුළින් අවකාශ ලැබුණු බව සහභාගිකයන් ප‍්‍රකාශ කළහ.
මෙම වැඩසටහන නිමා කරමින් අදහස් දැක්වූ ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.
අපි මෙම වැඩසටහන තුළින් හවුල්කාර සංවිධානවල ශක්තීන් වැඩි දියුණු කිරීමට අපේක්‍ෂා කරනවා. මෙහි සමස්ථ අරමුණ වන්නේ අප රට තුළ තිරසර සාමයක් ඇති කිරීමයි. අපි ඒ තුළින් අපේක්‍ෂා කරන්නේ රටේ සෑම ජන කොටසක්ම පිළිගන්නා සාමයක් තිබිය යුතු බවයි. මෙතන තමයි ගැටලූව. එවැනි සාමයක් තවම අපේ රටේ නැහැ. අභියෝගය නම් අපි වගේ කුඩා සංවිධානයන් අපේ රටේ තිබෙන ගැටලූවට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා. මේ නිසා අපේ ශක්තිය අපි වර්ධනය කළ යුතුයි.
සහභාගී වුවන්ගෙන් කොටසක්
ජාත්‍යන්තර සාම දිනය වව්නියාවේදී
- Details
- Created on 17 September 2012
ශ‍්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය, යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානය (Centre for Peace and Reconciliation (CPR)) හා ඒකාබද්ධව ජාත්‍යන්තර සාම දිනය සැප්තැම්බර් මස 21 වැනි දින වව්නියාවේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත.
මෙයට සමගාමීව උතුරේ හා දකුණේ තරුණ තරුණියන් 100 කගේ පමණ සහභාගීත්වයෙන් තරුණ කඳවුරක් සැප්තැම්බර් මස 19 සහ 20 වන දිනවල පැවැත්වෙන අතර දකුණෙන් සහභාගී වන අන්තර් ආගමික කවුන්සිල නියෝජිතයින් මුලතිව් ප‍්‍රදේශයේ තොරතුරු ගවේෂණයක 20 වැනි දිනදී යෙදීමට නියමිතය.
මෙදිනදී යුද්ධයෙන් විපතට පත්වූවන්ගේ මානුෂික කම්පන සුවපත් කිරීම උදෙසා සිංහල දමිළ සංස්කෘතික අංග ඇතුළත් සංස්කෘතික වැඩසටහනක් සමග කල් පවතින සාමයක් උදෙසා සංහිඳියාව ගොඩ නැගිය යුත්තේ කෙසේද යන තේමාව යටතේ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
ගාල්ල නගරාධිපති තුමා සමග පළාත්පාලන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡුාවක්
- Details
- Created on 14 October 2012
ජාතික සාම මණ්ඩලය මගින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පළාත්පාලන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබා ගැනීමේ අරමුණින් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්්වා මැතිතුමා සමග සාකච්ඡුාවක් සැප්තැම්බර් මස 13 වන දින ගාල්ල නගර සභාවේ රැුස්වීම් ශාලාවේදී පැවැත්විණි.
ජාතික සාම මණ්ඩලයේ නිළධාරීන් කිහිප දෙනෙක් මේ සඳහා සහභාගි වූහ.
පවත්නා රාජ්‍ය පාලන යාන්ත‍්‍රණය තුළ පළාත් පාලන ආයතන වලට ඇති බලතල කුමක්ද, එම බලතල භාවිත කළ හැකිද, එසේ නැතහොත් එම බලතල භාවිත කිරීමේදී යම් යම් බාධාවන් පවතීද, එම කටයුතු වඩා ඵලදායිවීම සඳහා ප‍්‍රජා සහභාගිත්වය ලබා ගත හැකි ආකාරය යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡුා කළහ.
එසේම උගත් පාඩම් ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාවෙන් ඉස්මතු කොට දක්වා ඇති නගර සභා වැනි පළාත් පාලන ආයතන සම්බන්ධව ඇති නිර්දේශයන් පළාත් පාලන බලධාරීන් සහ සිවිල් සමාජ නායකයින් ගේ සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක කිරීමට මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත බව මෙහිදී සාකච්ඡුා කෙරිණි. මේ සම්බන්ධයෙන් නගරාධිපතිතුමාගේ අදහස වූයේ උගත් පාඩම් ප‍්‍රතිසංධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ සියල්ලම ක‍්‍රියාත්මක කළ නොහැකි බවයි.
මෙම ව්‍යාපෘතියට සහයෝගය ලබා දීමට නගරාධිපතිතුමා සිය කැමැත්ත පළ කළේය.
උතුරේ යාපනය මහ නගර සභාව සහ දකුණේ ගාල්ල මහ නගර සභාව යන පළාත්පාලන ආයතන ආවරණය කරමින් වසරක් පුරා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
ගාල්ල සහ යාපනය නගර සභා මූලික කරගත් නව ව්‍යාපෘතියක්
- Details
- Created on 14 October 2012
ජාතික සාම මණ්ඩලය මගින් සිවිල් සමාජය හා පළාත් පාලන අධිකාරීන් අතර හවුල්කාරිත්වය මගින් ඉලක්ක කර ගත් පළාත් පාලන ආයතනවල, වැඩි දියුණු කළ ජනතා සේවා ලබාදීම මූලික අරමුණ කර ගත් නව ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.
පවත්නා රාජ්‍ය පාලන යාන්ත‍්‍රණ, සේවා සපයන්නන්ගේ රාජකාරි බැඳීම් හා සේවා ඉල්ලා සිටීමට පුරවැසියන්ට ඇති අයිතිය පිළිබඳව දැනුවත්වීම නිසා ඉලක්ක පළාත් පාලන ආයතන වලට අයත් ප‍්‍රදේශ වල ප‍්‍රජාවන්ගේ මූලික සේවා වැඩි දියුණු වීම මෙම ව්‍යාපෘතියේ් එක් අපේක්‍ෂිත ප‍්‍රතිපලයකි.
උගත් පාඩම් ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාවෙන් ඉස්මතු කොට දක්වා ඇති පොදු, රාජ්‍ය පාලන ගැටලූ පිළිබඳව දැනුවත්වීම හේතුවෙන් එ්වා පිළිබඳ කටයුතු කිරීම උදෙසා උතුරේ සහ දකුණේ විවිධ වාර්ගික ප‍්‍රජා නායකයින් අතර අන්තර් ක‍්‍රියා ශක්තිමත් කිරීම මෙහි අනෙක් අපේක්‍ෂිත ප‍්‍රතිපලයයි.
උගත් පාඩම් ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ අනුව පළාත් පාලන බලතල හා ව්‍යවහාර සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීම, ගාල්ල හා යාපනය මහ නගර සභාවල ක‍්‍රියාකාරිත්වය පිළිබඳව තත්ත්ව වාර්තාවන් සැකසීම, පළාත් පාලන බලධාරීන් විසින් ලේඛන ගත කරන ලද ගැටලූ වලින් ප‍්‍රජාවට අදාළ වන ගැටලූ හඳුනා ගෙන ඔවුන්ගේ ක‍්‍රියාකාරී සැලැස්මට අනුව එක් එක් ගැටලූව හා සම්බන්ධ කරුණු ලේඛන ගත කිරීම, ප‍්‍රජාව සම්බන්ධ ගැටලූ සාකච්ඡුා වන පළාත් පාලන රැුස්වීම් වලට සහභාගී වීමට ප‍්‍රජා කණ්ඩායම් වලට ඉඩක් ලබාදී ඒවායේ ප‍්‍රගතිය අධීක්‍ෂණයට හා පසු විපරමට ලක් කිරීම සහ ගාල්ල සහ යාපනය පළාත් පාලන බලධාරීන්ට සහ සිවිල් සමාජ නායකයින්ට අත්දැකීම් හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම මෙහි ප‍්‍රධාන ක‍්‍රියාකාරකම් අතර වේ.
මෙම ව්‍යාපෘතිය උතුරේ යාපනය මහ නගර සභාව සහ දකුණේ ගාල්ල මහ නගර සභාව යන පළාත් පාලන ආයතන ආවරණය කරමින් වසරක් පුරා ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා මූල්‍ය ආධාර බි‍්‍රතාන්‍යයේ CAFOD ආයතනයෙන් ලබා ගනී.
ජාත්‍යන්තර සාම දිනය වව්නියාවේදී
- Details
- Created on 14 October 2012
ජාත්‍යන්තර සාම දිනය යෙදී තිබූ පසුගිය සැප්තැම්බර් 21 වැනි දින යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානය (Centre for Peace and Reconciliation (CPR))වව්නියාවේදී ජාත්‍යන්තර සාම දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය.
මෙම වැඩසටහන සඳහා වව්නියා දිසා ලේකම්තුමා, ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිතුමිය, උතුරු පළාත් ලේකම්තුමා, රදගුරු නෝබට් අන්ද්‍රාදි හිමිපාණන්, නදුන්කර්නි අණදෙන නිලධාරී මේජර් ඉලංගකෝන් මහතා ඇතුළු යාපනය, කෑගල්ල, මාතර, ගම්පහ, පුත්තලම සහ වව්නියා දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි තරුණ තරුණියන් 120 දෙනෙක් සහ ජාතික සාම මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
දෙවන පාවුලූ පාප්තුමාගේ ප‍්‍රකාශයක් වන , ගැටුමෙන් මිදෙන්න හිංසනය විසඳුමක් නොවන බව, සිහිපත් කළ රදගුරු නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් අතීතයේ කළ වැරදි අප අවබෝධ කර ගත යුතු බව සහ එම වැරදි නිවැරදි කර ගත යුතු බව සිය සාම දින පණිවුඩයේදී පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ වව්නියා දිසා ලේකම්තුමා මාටින් ලූතර් කිං, ඒබ‍්‍රහම් ලින්කන් සහ මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තුළ පැවති දර්ශනයන් ආදර්ශයට ගෙන කටයුතු කිරීමෙන් අපට මෙවැනි දින සතුටින් සැමරීමට හැකියාව ලැබෙන බව පැවසීය.
මෙම වැඩසටහනට සමගාමීව උතුරේ හා දකුණේ තරුණ තරුණියන් 120 කගේ පමණ සහභාගීත්වයෙන් තරුණ කඳවුරක් සැප්තැම්බර් මස 19 සහ 20 වන දිනවල පැවැත්විණි. තවද යුද්ධයෙන් විපතට පත්වූවන්ගේ මානුෂික කම්පන සුවපත් කිරීම උදෙසා සිංහල දමිළ සංස්කෘතික අංග ඇතුළත් සංස්කෘතික වැඩසටහනක් සමග කල් පවතින සාමයක් උදෙසා සංහිඳියාව ගොඩනැගිය යුත්තේ කෙසේද යන තේමාව යටතේ දේශනයක් ද පැවැත්වීණි.
මෙදිනදී දකුණෙන් සහභාගී වූ ජාතික සාම මණ්ඩලයට සම්බන්ධ අන්තර් ආගමික කවුන්සිල නියෝජිතයින් යුද්ධයේ අවසන් අදියර පැවති මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූහ. එහිදී ලංකා ක‍්‍රිස්ත‍්‍රියානි සභාවෙන් පාලනය වන පෙර පාසලකට ගිය අවස්ථාවේදී පෙර පාසල් දරුවන් විසින් සිංහල ගීතයක් ගායනයෙන් එම පිරිස පිළිගත්තේය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් සාමය සහ සමගිය පිළිබඳ කෙටි අනුශාසනාවන් සහ කුඩා දරුවන් උදෙසා සුළු සංග‍්‍රහක්ද පැවැත්වූහ. මෙම අවස්ථාව දරුවන් තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිළිබඳව යහපත් ආකල්ප වර්ධනයට ලත් දුර්ලභ අවස්ථාවක් විය.








Media Centre